17 වන ජාතික විජයග්‍රාහී සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී

මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරීමේ "17 වන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වීමට සියලු

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව සහ භූ-දේශපාලනික බලපෑම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.44 කින් (1.32% කින්) ඉහළ ගොස් ඩොලර් 110.70 ක් ලෙස සටහන් විය.

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කෙරෙන නව පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කෙරේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ඉහළම තනතුරක් වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ධුරය නිල වශයෙන් අවසන් කිරීම සඳහා සකස් කරන ලද විශේෂ පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා නියෝග පරිදි සකස් කරන ලද මෙම

වනවාසල දුම්රිය අනතුරට හේතු වූ පීලි කොටස් ගැලවූ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය යකඩ කොටස් ගලවා ඉවත්