අස්වැසුම අප්‍රේල් දීමනාව හෙට සිට බැංකු වෙත

අස්වැසුම සුබසාධක වැඩසටහන යටතේ අප්‍රේල් මාසයට අදාළ මූල්‍ය දීමනා හෙට (22) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තහවුරු කරයි. මෙම ගෙවීම් අදියර යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම්පත් භාරගැනීම අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් පසුවන ගුරු භවතුන් වෙත විශේෂ දැනුම්දීමක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. ඒ අනුව, මීට පෙර අප්‍රේල් මස 20 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අයැදුම්පත්

වැසි වැටුණත් රස්නය එලෙසමයි: හෙටත් ප්‍රදේශ රැසකට දැඩි උණුසුම ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් වාර්තා වුවද, හෙට (22) දිනයේදී පළාත් රැසක උණුසුම් දර්ශකය "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ

ප්‍රහාරයක් ගැන පැතිරෙන පුවත් පොලිසිය ප්‍රතික්ෂේප කරයි

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කරන බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පුවත් ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි.

ඩයනා ගමගේ නඩුව මැයි 12 දක්වා කල් යයි

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ නඩුවේ ඉදිරි විභාග කටයුතු මැයි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) තීරණය කළේය. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට