ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් නව ශිෂ්‍යත්ව වැඩසටහනක්

ලොතරැයිපත් අලෙවිය හරහා ජනාධිපති අරමුදලට සැපයෙන මූල්‍ය දායකත්වය අගයමින්, එම අලෙවිකරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. 2026 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් දිවයිනේ සියලුම පළාත්…

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථාවත් කෙරේ

තාවකාලිකව අඩාල වී තිබූ පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනය කර ඇත. මේ සමඟම පුරවැසියන්ට කිසිදු බාධාවකින් තොරව පෙර පරිදිම අදාළ වාර්තා සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා…

මෙරට සංගීත ක්ෂේත්‍රයේ යශෝරාවය රැන්වූ ආචාර්ය නන්දා මාලිනී දැයෙන් සමුගනී

ශ්‍රී ලංකීය ගීත කලාවේ මෙන්ම පීඩිත ජනතාවගේ හඬ නියෝජනය කළ ප්‍රවීණ ගායනා ශිල්පිනී, සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී අද (22) සැමදාටම සමුගෙන ගියාය. ඇයගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම යුක්තිය අසන සමාජයටද පිරවිය නොහැකි අඩු පාඩුවකි.​අලුත්ගම ලෙව්වන්දූවේ…

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී හෙට (අගෝස්තු 23) ආරම්භ වන ශ්‍රී ලංකා සහ ඉන්දියානු කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයකට අනුව මෙම…

වමට සහ දකුණට එහා ගිය මැද මාවතක් – සජිත් ප්‍රේමදාස

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇය වාමාංශික දේශපාලන මතවාද අනුගමනය කළ අයකු බව සිහිපත් කළේය. පොළොන්නරුව ඇලැහැර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පිංකමකට එක්වෙමින් ඔහු සඳහන් කළේ,…